ගැබිනි මව වෙත ආදරය හා රැකවරණය ස්වාමි පුරුෂයා වෙතින් හා පවුලේ අනෙකුත් සාමාජිකයින් විසින් නිරතුරුවම
ලබා දෙන්න.
පවුලේ සාමාජිකයන් අතර ප‍්‍රිය මනාප, සුහදශීලි පරිසරයක් ඇති කර ගන්න.
තම ආගමික වතාවත්වල දෛනිකව නිරත වන්න.
ගැබට හානි නොවන පරිදි ඇය කැමති දේවල් ලබා දෙන්න.
මෙම කාලය තුළ මව ළා පැහැති පිරිසිදු ඇදුම් අදින්න
ඝෝෂාකාරී හා දැඩි ආලෝකය සහිත පරිසර වලින් ඈත්වී නිසල පෙදෙසක වාසය කිරීම සුදුසු වේ.
දරුවාගේ මානසික, ආධ්‍යාත්මික හා කායික වර්ධනය සදහා මවගේ සිරුරේ පෝෂණය ද ඉතා වැදගත් වේ. එහෙයින්
ගර්භනිභාවයට හිතකර පෝෂණයෙන් යුත් ආහාරපාන මවට ලබා දීමට පවුලේ සාමාජිකයින් සැලකිලිමත් විය යුතුය.
මව ගනු ලබන ආහාරයෙන් කරුණු 03 ක් ඉටුවේ.
– මවගේ පෝෂණය
– ගැබ තුළ දරුවාගේ වර්ධනය
– මව් කිරි නිපදවීම.
එබැවින්, මෙම අවශ්‍යතාවය ඉටු වන පරිදි මවගේ ආහාර වේල සකස් විය යුතුය.
ගැබිනි මව සදහා දෛනික ආහාර
කොළ කැද ( වීදුරු 01 ක්)
(හාතවාරිය, ඉරමුසු, ගොටුකොළ හා මුගුණුවැන්න යන ඒවායින් එක් වර්ගයක් හෝ මිශ‍්‍රිතව සුදුසු වේ)
එලකිරි (වීදුරු 01 ක්)
තැම්බු ධාන්ය්‍ය වර්ගයක් (පීරිසි 02 ක්)
(මු ඇට, කව්පි, කඩල යන ඒවායින් එකක් ලුණු මිරිස් උම්බලකඩ හා පොල් සුදුසු වේ.)
හෝ
ධාන්‍ය පිටි වලින් සෑදු
(හාල් පිටි, කුරහන් පිටි, උදු පිටි සුදුසු වේ.)
ආප්ප පිට්ටු, ඉදි ආප්ප වැනි ආහාරයක් සුදුසු ව්‍යංජන 01 ක් හෝ 02 ක් සමග
(කුඩා මාළු, හාල් මැස්සන්, කරවල හෝ බිත්තර ඇතුළත්ව)
උදෑසන 10.00 ට
පළතුරු යුෂ, ඉරමුසු වැනි ඔසු පැන් වීදුරු 01 ක්
දිවා වේල
බත් පීරිසි 02 ක් එළවළු වර්ග 02 ක්
පළා වර්ග 01 ක් මාළු හෝ මස් හෝ බිත්තර වර්ග 01 ක් සමග
අතුරුපස සදහා
පලතුරු වර්ග 01 ක් හෝ (වැඩිපුර) හෝ පළතුරු සලාදයක් හෝ
මිදුුණු කිරි හෝ යෝගට් වැනි ආහාරයක් හෝ යෝගට් වැනි ආහාරයක්
සවස තේ වේල
දේශිය ධාන්‍ය පිටි වලින් සැකසූ පැණි රස ආහාරයක්
(හැලප, අග්ගලා, වැලි තලප වැනි )සමග කිරි තේ එකක්
රාත්‍රි ආහාර වේල
මවගේ බඩගිනි ස්වභාවය අනුව,
දිවා ආහාර වේල පරිදිම සැහැල්ලු ආහාරයක් ගැනීම සුදුසු වේ.
ගැබිනි සමයේ පළමු මාස තුන තුළ බිළිදෙකු ගේ මුලික අංග නිර්මාණය වීම සිදුවේ.එම නිසා බොහෝ පෝෂ්‍ය පදාර්ථ අත්‍යාවශ්‍ය වේ.
එබැවින් මවගේ ආහාර වේල, රස හයම සපිරි, ගුණාත්මක බවින් වැඩි, පෝෂණ අවශ්‍යතාවට සරිලන පරිදි ප‍්‍රමාණාත්මක එකක් වීම ඉතා වැදගත් වේ.
පළමු මාස තුන (මාස 01-03)
දෛනික ආහාර වේලට අමතරව
තෙවන මාසය සදහා එළකිරි හා ගිතෙල් මිශ‍්‍ර ආහාර වැඩිිපුර ගැනීම යෝග්‍ය වේ.
උදාහරණ හාලින් සකස් කල ගිතෙල් මිශ‍්‍ර කිරි බත් හෝ කැද
දෙවන මාස තුන (මාස 04-06)
අවසන් මාස තුන (මාස 06-09)
ඉහත ආහාර වැඩිපුර ගැනීම.
ඉරමුසු, සාරණ මුල්, හාතවාරිය අල, බදු අල යොසා සකස් කරන ලද කැද වර්ග (මවගේ ප‍්‍රසව ක‍්‍රියාවලියපහසු කරයි.)
මෙලෙස ආහාරපාන ගැනීම නිරෝගී බිළිදකු මෙලොවට බිහි කිරීම සදහා මව සවිමත් කරයි.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.