වෛද්‍ය අනුර විජේසේකර

අම්ල පිත්ත/ග්‍රැස්ටයිටීස්

අම්ල පිත්ත/ග්‍රැස්ටයිටීස් රෝගයේ රෝග ලක්ශණ මොනවාද ?

  •  කෑම අරුචිය, බඩ පුරවා දැමිම, අම්ල ගතිය, ඇඹුල් රසට උගුරට ඒම(අම්ල උද්ගාරය සමහර අවස්ථාවල මුඛයට තිත්ත රස, ඇඹුල් රස දැනීම.)
  • බඩ පිපීම(බඬේ වාතය පුරවා දැමීම)
  • නියමිත පරිදි වැසිකිලි නොයාම. මල බද ්ධතාවය, කෑම ගත් විගස මල පිටවීමට අවශ්‍ය වීම.
  • බඬේ දැවිල්ල, පපුවේ දැවිල්ල, උගුරේ දැවිල්ල (සමහර අවස්ථාවල පපුව තදවීම, පපුවේ ෙවිදනාව)
  • වමන ගතිය, උදෑසන දත් මදින විට ඔික්කාරයට ඒම, ආහාරයක් බඩට වැටුණු විට බඬේ ෙවිදනාව,ගුද මාර්ග දැවිල්ල, සමහර අවස්ථාවලදී පිට කොන්දේ  වේදනාව.

අම්ල පිත්ත/ග්‍රැස්ටයිටීස් රෝගයට බලපාන හේතු මොනවාද ?

  • නියමිත පරිදි  වෙලාවට ආහාර ලබා නොගැනීම.
  • එක් ආහාරයක් දිරවීමට පෙර තවත් ආහාර ගැනීම.
  • වැඩ්ම මාත්‍රා සහිත ආහාර ගැනීම. (ආමාශයෙන් 1/3 ආහාර ද 1/3 ජලය ද 1/3 හිස්ව ද තබා ගැනීම නිරෝගි ජීවිතයට වැදගත් වේ.)
  •  අධික ඌෂ්ණ ආහාර එක දිගට ගැනීම සහ අධික මිරිස් (සුදුළුෑණු, ගම්මිරිස්, මිරිස්, කුරුදු පොතු  වැනි ආහාර වැඩ්පුර ගැනීම)
  •  දැල්ලො, ඉස්සො, කකුළුවා, සැමන්,හුරුල්ලා වැනි මාළු වර්ග ගැනීම ද රෝග තත්වය වැඩ් විමටහේතුවේ.
  • මස්, මාළු, ආහාර තම ආහාර ෙවිලට ලබා නොගැනීම නිරෝගි ජීවිතයකට හේතු වේ.
  • අධික මානසික පීඩාව, නොසන්සුන්තාවය, අවිවේකි බව, කාර්ය බහුලත්වය, තරහ යෑම(කෝපය,වෛරය), අධික ශෝකය වැනි කරුණු ද මෙම රෝගි තත්වයට සෘජ ු වම බලපායි.
  •  හෙලකෝබැක්ට3⁄4 නම් බැක්ටිරියාවගේ ක්‍රියාකාරිත්වය ද ආමාශයේ එන්සයිමවල අධික ස්‍රාවය ද ආමාශයේ තුවාල ඇති විම ද හේතුවේ.
  •  අධික මත්පැන් පානය, දුම්පානය කිරිම, රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර, කෘතිම ආහාර, වර්ණකාරක ආහාර,ක්ෂණික ආහාර ලබා ගැනීම ද හේතු ෙවි.
  •  රසායනික සුප් කැට වර්ග, කෘතිම රසකාරක ආහාර හා පාන වර්ග (විවිධ කෘතිම බීම වර්ග)
  •  වේදනා නාශක ඖෂධ වර්ග එක දිගට ගැනීම.
  • නිදි මැරීම (රාත්‍රියට පැය 06 ක් වත් නිදා ගැනීම නිරෝගී ජීවිතයකට වැදගත් ෙවි.)
  • ජලය අඩුවෙන් පානය කිරීම.
  • එකිනෙකට විරුද්ධ ආහාර ලබා ගැනීම.
  • පිත්තාශ ගල් තිබිම ද
  • හෘද රෝග තිබිම ද
  •  කුඩා අන්ත‍්‍ර (ඞ්යුඞ්නල් අර්සස් )තුවාල තිබිම ද
  •  උන්ඩුක පුචිඡ ප‍්‍රදාහය (ඇපෙන්ඞ්සයිටිස්)
  •  පණු රෝග ද
  •  ආමාශයේ, කුඩා අන්ත‍්‍ර, මහා තන්ත‍්‍රවල පිළිකා
    තිබිම ද
  •  අක්මා ප‍්‍රදාහය, සෙංගමාලය,
  •  අග්න්‍යාශ විකෘතිතා
  •  උගුරේ ආසාදන

අම්ල පිත්ත/ග්‍රැස්ටයිටීස් රෝගයට බලපාන හේතු මොනවාද ?

අම්ල පිත්ත/ග්‍රැස්ටයිටීස් රෝගය හදුනා ගැනීම

  •  ත‍්‍රිවිධ පරික්ෂා ක‍්‍රම (ප‍්‍රශ්න, දර්ශක, ස්පර්ශක)

  • අෂ්ඪවිද පරික්ෂා ක‍්‍රම

  •  රසායනික පරික්ෂා(රුධිර)

  •  ස්කෑන් පරික්ෂා(එන්ඩස්කොපි)

රෝගය වළක්වා ගැනීමට උපදෙස්

  • තම රෝගි තත්වය රජයේ රෝහලක ආයුර්වේද හෝ බටහිර පිළිගත් වෛද්‍යවරයෙකු හමු වි තමාගේ රෝගය පිළිබද පැහැදිලි විස්තරයක් ලබා දිය යුතුය.
  •  තමන්ට හිතුමතේ විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම සුද ුසු නැත.
  •  රාත‍්‍රී උයන ලද බත් උදෙ ්ට කෑම(හීල් බත්/දියබත්)
  •  මත්පැන් වර්ග්ස්, දුම්පානය, විවිධ මත්කුඩු වර්ග, මත්දියර වර්ග භාවිතා නොකිරීම.
  •  මස්,මාළු හැකිතාක් දුරට ආහාරය ගැනීම සීමා කිරිම.
  •  අධික මිරිස් ආහාර ගම්මිරිස්, කුරුදු ,දුරු වර්ග, ගොරක වැනි ඒවා ස්වල්ප ලෙස භාවිතා කිරීම.
  •  ආහාර ෙවේලට කොළ මැල්ලුමක් දෛනිකව එකතු කර ගැනීම.
  •  නියමිත වේලාවට ආහාර ගැනීම, බඩගින්නේ වැඞ් කාලයක් සිටීම සුදුසු නැත. (කාර්ය බහුලත්වය නිසා නියමිත වේලාවට කෑම ගැනිම අමතක වීම, ප‍්‍රමාද විම මෙම රෝගයට හේතු කාරක වේ)
  •  අරිෂ්ඪ වර්ග, ආසව වර්ග, කාලීන වශයෙන් ගැනීම සුදුසු නැත.
  •  ජාඞ්, දැල්ලෝ, ඉස්සෝ,ඇටවළු මාළු, බල මාළු, කකුළුවා, සැමන් වැනි අධික ඌෂ්ණ ආහාර වර්ග
    වලින් වැලකි සිටීම.
  •  එක දිගට විවිධ ඖෂධ වර්ග භාවිතය හැකිතාක් අඩු කිරිම.
  •  පණු බෙහෙත් නියමිත කාලයේදී  හා විරේක ඖෂධ මාස 3 කට වරක්වත් ලබා ගැනීම.
  •  මල බද්ධතාවය, අර්සස්, අක්මා රෝග වැනි තත්ව රෝගයට හේතුවන බැවින් ඒවාට නියමිත ලෙසප‍්‍රතිකාර ලබා ගැනීම.
  •  මුත්‍රා දාහය, මුත්‍රාගල්, පිත්තාශ ගල් වැනි අවස්ථා ගැස්ට‍්‍රයිටිස් රෝග ලක්ෂණය බලපාන නිසා එවැනි රෝග අවස්ථා පරික්ෂා කර ප‍්‍රතිකාර ලබා ගත යුතුය.
  •  ගැස්ට‍්‍රයිටිස් යනු රෝග සමූහයක මුලික ලක්ෂණ බැවින් ඒ පිළිබද කල් නොයවා වහාම ආයුර්වේද හෝ බටහිර වෛද්‍ය නිලධාරි මහතෙකු හමුවිම කාලෝචිතයි. කල්ගියාම පසු රෝග සුව කිරීමට කලක් ගත වන බැවින්
  •  ගැස්ට‍්‍රයිටිස් (අම්ල පිත්ත) ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සදහන් වි ඇත. රෝගියාට කෂාය තැම්බිම, බෙහෙත් බඩු සෙවීම, බෙහෙත් සකස් කිරීම අවශ්‍ය නොවේ. සියලුම ඖෂධ නිෂ්පාදන කර ඇත. ඒ පිළිබ`ද ව උපදෙස් රෝග වළක්වා ගැනීමේ යහපත් ක‍්‍රියාමාර්ග ද දැනුවත් කරනු ලැබේ.
 
  • මෙම රෝග ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් හෝ සමූහයක් ඇතිවිය හැක. සමහර අවස්ථාවල
    හෘද රෝගීන්ට ද මෙම රෝග ලක්ෂණ කිහිපයක් ඇති විය හැක. එම නිසා රෝග තත්වය හදුනා
    ගැනීමට නිශ්චිත පරිදි රෝග පරික්ෂාව හා ප‍්‍රතිකාර කිරීම පිළ්ගත් රජයේ රෝහලක සේවය කරන
    පලපුරුදු වෛද්‍ය නිලධාරි හමුවිම ඔබට නිරෝගි ජිවිතයකට වැදගත් වේ. ගැස්ට‍්‍රයිටිස් කියල
    හිතුමතේ විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම හා වෛද්‍ය අධික්ෂණයක් නොමැතිව ඖෂධ ලබා ගැනීම ද ඔබට අවාසි මෙන්ම රෝග තත්වයද වෙනස් විමට ඉඩ ඇත. එනම් රෝග තත්වය වැඞ් විමට හේතු විය හැක.

FAQ

A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.