මුත්රකෘච්ජ
පිළිකා
ගල්
වකුගඩු ඉදිමීම
මුත්‍රඝාත
මුත්‍ර ග්‍රන්ථි
ගෙඞ්
මුත්‍රාශය ඉදිමීම
හදිසි අනතුරු නිසා සිදුවන හානි
ආදිය දැක්විය හැක.
මෙහිදී මුත්‍ර පිටවන්නේ ඉතා අපහසුවෙන් ටිකෙන් ටිකය. ඒ වගේම දැවිල්ලත් ඇති වෙනවා. මුත්‍ර ගල්වලින් මුත්‍රා මාර්ගය තුවාල වීම නිසාත් මේ තත්වය ඇති වෙනවා. මේ රෝගයේදී මුත්‍ර සෙමින් සෙමින් බිංදු වශයෙන් පිට වෙනවා. එය මුත්‍ර වහන පද්ධතියේ යම් තැනක සිහින් වීමක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මුත්‍ර කෘචිජ්රයට හේතුව මුත්‍ර ව්‍යූහයේ කිසියම් ආසාදනයක් වෙන්නත් පුළුවන්.
මල මාර්ගයත් මුත්රාශයර්හ් අතර ගැටයක් වැනි යමක වැඞීමකි අෂ්ඨිලා කියන්නේ. මෙහිදී යටි බඩ
ප්‍රදේශයේ අධ්ක වේදනාවක් ඇති වෙනවා. ඉන් මල මුත්‍ර පිටවීමට බාධා ඇති කරනවා. මෙය බොහෝ විට ශල්‍ය කර්මයකින්ම ඉවත් කළ යුතු වනවා.
වයස අවු 40 න් පස්සේ පිරිමියෙකුගේ පෞරුෂ ග්‍රන්ථි (Postate gland) ප්‍රමාණයෙන් විශාල
වෙනවා. මුත්රාශයට පහළින් පිහිටි මේ ග්‍රන්ථි ඉදිමීමයි. මුත්‍රා ග්‍රන්ථි නමින් හදුන්වන්නේ .
මෙහිදී මුත්‍රා පිටවන විට වේදනාව ඇතිවේ. කල් ගත වන විට මුත්‍රා පිට වීම අඩු වෙනවා. ඒ නිසා
මුත්‍රාශයේ රැදෙන ප්‍රමාණය වැඩි වෙනවා. තමාගේ පාලනයකින් තොරව මුත්‍ර පිටවෙනවා. මුත්‍රාශය හිස්කිරීමට රෝගියා උත්සහ කරනවා. මුත්‍ර සමග ලේ පිටවීම, පුරුෂ ලිංගයේ වේදනාව මෙහිදී ඇතිවිය හැකිය.මේ ග්‍රන්ථිය තවත් විශාල වුනොත් ගුද මාර්ගය තෙරපීම නිසා මල පිට කිරීමේදී අපහසු වෙනවා.
මුත්‍රා පිය වීම අඩු වී මුත්‍රාශයේ එක්රැස් වුනොත් මුත්‍රා විෂවීමේ තත්වයක් හට ගන්න පුළුවන්. එහි ප්රතිඵලයක්හැටියට රෝගියාට නිදිමත ගතිය, ආහාර අප්‍රිය වීම ඇති වෙනවා. මෙය භයානක ලක්ෂණයක්.වැඩිහිටි පිරිමියෙකුට මුත්‍රා පිට කිරීමේ අපහසුවක් හට ගත්තොත් ඊට ප්‍රධාන හේතුව මුත්‍ර ග්‍රන්ථි හොඅස්ථිලා යන රෝග තත්වයක් විය හැකිය.
මුත්‍රාගල් හෙවත් මුත්රර අශ්මරීමේ රෝගය හටගන්නේ ජලය පානය අඩුකමතක්කාලි, බිලිං වැනි ආහාර නිතර ගැනීම වැනි හේතු නිසාය. මුත්‍රාගල්, වකුගඩුවල හෝ මුත්‍රාශයේ හැදෙනවා.
අර්බුද ගෙඩියක් (Cyst)
මේ රෝගයේ රෝග ලක්ෂණ අඩුයි. වයස අවු 20-40 අතර පිරිමින්ගේ වෘෂණ කෝෂවල අර්බුද හට
ගන්න පුළුවන්.
මුත්‍රා ග්‍රන්ථි
ග්‍රන්ථි රාශියක් වකුගඩුවල ඇති වන අවස්ථාත් තිබෙනවා. මෙහිදී රෝග ලක්ෂණ පෙන්වීම ඉතා අඩුයි.මෙවැනි ග්‍රන්ථියක් හටගත් විට මුත්‍රා පිට කිරීමේ අපහසුව ඇති වෙනවා. වෘෂණ කෝෂ විශාල වුණු සෑම රෝගියෙකුම වහාම සුදුසු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න ́නෑ.
පිළිකා
මුත්‍රා ව්‍යූහයේ පිළිකා ඇතිවීම දැන් දැන් දක්නට ලැබෙනවා. පෞරුෂ ග්‍රන්ථියේ (prostate galand)පිළිකාවක් ඇතිවුනොත් මුත්‍රා පිට කිරීමට අපහසු වෙනවා. මෙය බොහෝ විට වයස අවුරුදු 70 ට වඩා වැඩි පිරිමින්ට හට ගන්නා රෝගයක්.
පිළිකාව පැතිරුණහොත්
තුනටියේ වේදනාව, බර අඩුවීම, නීරක්තිය (ලේ අඩුකම) හට ගන්නවා.
පිළිකාවක් තිබේ නම් සුව නොවන උණ තත්වයකුත් එක්කම පවතිනවා.
මුත්‍රා ඝාත
ඒ වගේම පිරිමි දරුවෙක් උපදින විට මුත්‍රා මාර්ගයේ පටු වීමක් තිබුණොත් මෙවැනි රෝග තත්වයක්
හට ගන්නවා. එවිට ශල්‍ය කර්මයක් කළ යුතුයි.
සුදු බිංදුම (ගොනෝරියා) රෝගයට නිසි ලෙස ප්‍රතිකාර නොගතතොත් මුත්‍රා මාර්ගය පටු වී මුත්‍රා
ඝාතයක් හට ගන්න පුළුවන්.
ඒ වගේම මුත්‍රා පිට කරවීමට භාවිතා වන කැතීටර් යොදා ඇති රෝගීන්ගේත්, මුත්‍රා ආසාදනයක් හෝ
මුත්‍රා මාර්ගයේ තුවාල හට ගැනීමක් වුණොත් මුත්‍රා මාර්ගයේ තුවාල හට ගැනිමක් වුණොත් මුත්‍රා
මාර්ගය පටු වී මේ රෝග තත්වය හට ගන්න පුළුවන්.
හදිසි අනතුරු නිසා සිදුවන හානි
මුත්‍රා ව්‍යූහයේ කොතනක හෝ හදිසි අනතුරක් නිසා පීඩා වුණොත් මුත්‍ර සමග ලේ පිටවීම සිදුවනවා.
ඇතැම් අයට මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වූ විටම පාලනයකින් තොරව මුත්‍රා පිට වෙනවා. මෙය බොහෝ විට මානසික හේතුවක් නිසා ඇති වන්නක්.
මුත්‍රාශය ඉදිමීම
මුත්‍රාශය ඉදිමීම නිසා යටිබඬේ වේදනාව ඇති වෙනවා. කල් ගත වුණොත් මුත්‍රාශය ඇදීමකට ලක්
වෙන්න පුළුවන්.
වකුගඩු රෝගවලට නිසි පරිදි ප්‍රතිකාර නොගතතොත් වකුගඩු දුර්වල වීම නිසා, නීරක්තිය හට
ගැනීමත් (ලේ අඩුකමක් සහ ශරීරයේ දුර්වල වීමක් සිදු වෙනවා.) මුත්‍රා පද්ධතියේ පීඩාවකින් පෙළෙන සෑම රො ්ගියෙක්ම සුදුසු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්
මෙවැනි රෝග වලින් වැළකීම සදහා ආයුර්වේදයේ සදහන් වන ආහාරපාන සහ පැවැත්ම දැන
ගැනීම ඉතා වැදගත්.
තක්කාලි, අන්නාසි, අච්චාරු, බිලිං, කරවල, ජාඩි, සෝස් වර්ග, හරක් මස්, බල මාළු, කෙලවල්ලන් මාළු,
ඉස්සන්, දැල්ලන්, කෘතිම බීම වර්ග, කල් තබා ගැනීම සදහා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද ආහාර පාන
නිතර ගැනීමෙන් වැලකිය යුතුයි.
මාංශ ආහාර අඩුවෙන් ගැනීමෙන් පිළිකා වලින් බේරෙන්න පුළුවන්.
රසායනික පොහොර, කෘතිම රසායනික රස කාරක අඩංගු ආහාර පාන, දුම්පානය, මත්පැන් පානය
අත්හැරීමෙනුත් පිළිකා හට ගැනීම වළක්වා ගන්න පුළුවන්.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.