වෛද්‍ය අනුර විජේසේකර

දියවැඩියා රෝගය.

මොකක්ද මේ දියවැඩියාව කියන්නේ?

වචනයේ පරිසමාප්ත අර්ථය සැලකු විට දල අවබෝධයක් අනුව වැඩියෙන් ජලය පිටවී යාම එනම් වැඩි වාර ගණනක් මුත්‍රාරා පිට වී යාමයි.

  • අපේ රටේ ටද බොහෝ ව්‍යාප්තව ඇති වසංගත රෝග අතරින් බෝ නොවන වසංගත රෝග ගණයට අයත් ප‍්‍රධාන රෝගය වන්නේ දියවැඩියා රෝගයයි. ආයුර්වේදය මෙය මධුමේහය
    ලෙස හඳුන්වයි. සුව කල නොහැකි මහා රෝග අටක් ආයුර්වේදයේ දක්වා ඇත. මින් හකක් වන්නේ දියවැඩියාවයි. දියවැඩියා රෝගය කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා දිගුකාලයක් නිහඬව සිරුර තුළ පවතී. මේ නිසා නිහඩ මරුවා ලෙසද භාවිතා කරයි.
  • දියවැඩියාවට ප‍්‍රධානම හේතු වන්නේ පිටි සහ සීනි අධික කෑම ආහාරයට ගැනිම හා ශරිරයට අවශ්‍ය ව්‍යායාම් නොලැබීමද, මානසික ආතතිය ද හේතුවේ.

දියවැඩියා රෝගයට හේතු

  • අගන්‍යාශය නිසි ලෙස ක්‍රි‍රියාකාරි නොවීම හා ඉන්සියුලින් හෝමෝනය නිපදවීම අඩුවීම හෝ
    තිබෙන ඉන්සියුලින්වල ක්‍රියාකාරීත්වය අඩුවීම හෝ ප‍්‍රමාණවත් ඉන්සියුලින් නිපදවීමේ
    නොහැකියාව ප‍්‍රධාන වේ.

  • අග්‍යානශයේ ලැත් ගැහැන් දීපිකා සෛල අවරෝධතාවය හෙවත් එනම් ඉතා සිහින් නාලවල
    (ස්‍රෝකස්) අවරෝධතාවය. මේ නිසා ඉන්සියුලින් හෝමෝනය නිපදවීම් හා ස‍්‍රාවය කිරිමේ
    අවරෝධතාවයි.

  • ඇඟපත නොවෙහෙසවා වැඩියෙන් නිදා ගැනීම ද, දී කිරි, මස්, මස්, මාළු අධික මත්‍රා‍වෙන්
    භෝජනය ද, අලුත් සහල් බත් කෑම ද, පැණි රස වැඩි කෑම වර්ග ද අධික පිටි සහිත ආහාර
    ගැනීමද (සාරාර්ථ සංග‍්‍රහය 759 පිටව)

  • මිට අමතරව මානසිකද ආතතිය, මානසික නොසන්සුන්තාවය, ජානමය හේතු , මව හෝ
    පියාට දියවැඩියාව සෑදී තිබිම, විවිධ කාලින රෝග සදහා දෙන ලද ඖෂධ එක දිගටම
    පාවිච්චිය,

  • ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රමේහ රෝග 20ක් දක්වා ඇත. නිසි කලට නිසි ප‍්‍රතිකාර නොකර
    කල්හි සියලුම ප‍්‍රමේහ රෝග කල්යෑමේදි මධුමේහ (සිනි සහිත බවට පැමිණෙති. එවිට
    නිශ්චයෙන්ම අසාධ්‍ය වෙති. (සාරාර්ථ සංග‍්‍රහය 759)

  • ආහාර ගැනීමේදී වැරදි පුරුදු වලින් ආහාර ගත් විට එය දිරවීමට පෙර නිතර නිතර ආහාර
    ගැනිම ද, කෘතිම රසකාරක, වර්ණකාරක, අධික පැණි සහිත ආහාර, අධික පිටි සහිත ආහාර
    ගැනීමද යන කරුණු දියවැඩියා රෝගයට හේතුවේ.

හඳුනා නොගත් දියවැඩියා රෝගියෙකු මුල් අවස්ථාව කරන පැමිණිලි

  • පහුගිය දවස්වල මට පුදුම පිපාසයක් තිබුණා. කොපමණ වතුර බිවුවත් පිපාසය ඇරෙන්නේ
    නැහ.

  • මගේ බර එන ්න එන්නම අඩු වෙනවා වගේ මට දැනෙනවා.

  • මගේ සමේ කැසිල්ලක තිබුනා

  • දවස පුරාම මට හරිම තෙහෙට්ටුයි. නිදිමත ගතිය වැඩියි.

  • මේ දවස් වල පත්තර බලන විට අකුරු බොඳවෙලා වගෙයි පෙනෙන්නේ.

  • ලිංගික ප‍්‍රදේශ ආශ්‍රිතව කැසිල් ල සහ පාදවල ඇඟිලිකරු අතර කැසිම.

  • වැඩි වැඩියෙන් මු‍ත්‍රා පිටවීම හා ශරිරයේ දහඩිය වල දුගඳ බව.

  • තුවාල සුව නොවීම.

  • තොල කට හරියට වියෙලෙනවා වගේ.

  • පාද වල දැවිල්ල හා ඇඟිලි වල කටු අනින්නාක් බඳු දැනීම

  • ඇඟිලි කෙලවර හිරිය හා පාදවලට සංවේග දැනිම් අඩු බව.

  • විටින් විට මතුවන කරකැවිල්ල.

  • මුඛයට අධික පැණිරස දැනිම හා අධික බඩගින්න.

  • නේත්‍ර, කර්ණ, ජිහ්වා, මුඛ යන ප‍්‍රදේශ වල මල අධිකව පැවතීම.

  • රාත්‍රියේ නැගිට මුත්‍ර කිරිමේ අවශ්‍යතාවය

දියවැඩියා රෝගීන්ට උපදෙස්

  • ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ඉතා ́නෑකමින් පිළිපදින්න.

  • දී ඇති උපදෙස් පරිදි ඔබේ ලේ වල සීනි ප‍්‍රමාණය සාමාන්‍ය මට්ටමෙන් පවත ්වා ගන්න.

  • ඔබේ ලේ වල සිනි ප‍්‍රමාණයෙන් නිරතුරුම පරික්ෂා කරගන්න. නිතිපතා ව්‍යායාම් කිරීම ඔබේ ලේ වල සීනි ප‍්‍රමාණය පාලනය කිරීමටත්, තරබාරු බව අඩුකර ගැනීමටත් උත්සහ වන්න.

  • ශරීරය පාද සිරීම, තැලිම්, තුවාල නොකරගැනීම හා පාදවලට පාවහන ් පාවිච්චිය.

  • ඔබේ ඇස් නිරතුරුවම පරික්ෂා කරගන්න.

  • දිනපතා ඔබේ දෙපා වල තුවාල ඇත්දැයි පරීක්ෂා කරගන්න

  • මානසික පීඩනය පාලනය කර සිත සැහැල්ලුවෙන් තබා ගැනීමට පුරුදු වන්න.

  • කෙදි සහිත සංකීර්ණ පිෂ්ට ගණයේ ආහාර ගැනීමට පුරුදුවන්න.

රෝගය වළක්වා ගැනීමට උපදෙස්

  • තම රෝගි තත්වය රජයේ රෝහලක ආයුර්වේද හෝ බටහිර පිළිගත් වෛද්‍යවරයෙකු හමු වි තමාගේ රෝගය පිළිබද පැහැදිලි විස්තරයක් ලබා දිය යුතුය.
  •  තමන්ට හිතුමතේ විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම සුද ුසු නැත.
  •  රාත‍්‍රී උයන ලද බත් උදෙ ්ට කෑම(හීල් බත්/දියබත්)
  •  මත්පැන් වර්ග්ස්, දුම්පානය, විවිධ මත්කුඩු වර්ග, මත්දියර වර්ග භාවිතා නොකිරීම.
  •  මස්,මාළු හැකිතාක් දුරට ආහාරය ගැනීම සීමා කිරිම.
  •  අධික මිරිස් ආහාර ගම්මිරිස්, කුරුදු ,දුරු වර්ග, ගොරක වැනි ඒවා ස්වල්ප ලෙස භාවිතා කිරීම.
  •  ආහාර ෙවේලට කොළ මැල්ලුමක් දෛනිකව එකතු කර ගැනීම.
  •  නියමිත වේලාවට ආහාර ගැනීම, බඩගින්නේ වැඞ් කාලයක් සිටීම සුදුසු නැත. (කාර්ය බහුලත්වය නිසා නියමිත වේලාවට කෑම ගැනිම අමතක වීම, ප‍්‍රමාද විම මෙම රෝගයට හේතු කාරක වේ)
  •  අරිෂ්ඪ වර්ග, ආසව වර්ග, කාලීන වශයෙන් ගැනීම සුදුසු නැත.
  •  ජාඞ්, දැල්ලෝ, ඉස්සෝ,ඇටවළු මාළු, බල මාළු, කකුළුවා, සැමන් වැනි අධික ඌෂ්ණ ආහාර වර්ග
    වලින් වැලකි සිටීම.
  •  එක දිගට විවිධ ඖෂධ වර්ග භාවිතය හැකිතාක් අඩු කිරිම.
  •  පණු බෙහෙත් නියමිත කාලයේදී  හා විරේක ඖෂධ මාස 3 කට වරක්වත් ලබා ගැනීම.
  •  මල බද්ධතාවය, අර්සස්, අක්මා රෝග වැනි තත්ව රෝගයට හේතුවන බැවින් ඒවාට නියමිත ලෙසප‍්‍රතිකාර ලබා ගැනීම.
  •  මුත්‍රා දාහය, මුත්‍රාගල්, පිත්තාශ ගල් වැනි අවස්ථා ගැස්ට‍්‍රයිටිස් රෝග ලක්ෂණය බලපාන නිසා එවැනි රෝග අවස්ථා පරික්ෂා කර ප‍්‍රතිකාර ලබා ගත යුතුය.
  •  ගැස්ට‍්‍රයිටිස් යනු රෝග සමූහයක මුලික ලක්ෂණ බැවින් ඒ පිළිබද කල් නොයවා වහාම ආයුර්වේද හෝ බටහිර වෛද්‍ය නිලධාරි මහතෙකු හමුවිම කාලෝචිතයි. කල්ගියාම පසු රෝග සුව කිරීමට කලක් ගත වන බැවින්
  •  ගැස්ට‍්‍රයිටිස් (අම්ල පිත්ත) ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සදහන් වි ඇත. රෝගියාට කෂාය තැම්බිම, බෙහෙත් බඩු සෙවීම, බෙහෙත් සකස් කිරීම අවශ්‍ය නොවේ. සියලුම ඖෂධ නිෂ්පාදන කර ඇත. ඒ පිළිබ`ද ව උපදෙස් රෝග වළක්වා ගැනීමේ යහපත් ක‍්‍රියාමාර්ග ද දැනුවත් කරනු ලැබේ.
 
  • මෙම රෝග ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් හෝ සමූහයක් ඇතිවිය හැක. සමහර අවස්ථාවල
    හෘද රෝගීන්ට ද මෙම රෝග ලක්ෂණ කිහිපයක් ඇති විය හැක. එම නිසා රෝග තත්වය හදුනා
    ගැනීමට නිශ්චිත පරිදි රෝග පරික්ෂාව හා ප‍්‍රතිකාර කිරීම පිළ්ගත් රජයේ රෝහලක සේවය කරන
    පලපුරුදු වෛද්‍ය නිලධාරි හමුවිම ඔබට නිරෝගි ජිවිතයකට වැදගත් වේ. ගැස්ට‍්‍රයිටිස් කියල
    හිතුමතේ විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම හා වෛද්‍ය අධික්ෂණයක් නොමැතිව ඖෂධ ලබා ගැනීම ද ඔබට අවාසි මෙන්ම රෝග තත්වයද වෙනස් විමට ඉඩ ඇත. එනම් රෝග තත්වය වැඞ් විමට හේතු විය හැක.

සැලකිලිමත් වන්න

  • ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ඉතා ́ඔනෑකමින් පිළිපදින්න.

  • දී ඇති උපදෙස් පරිදි ඔබේ ලේ වල සීනි ප‍්‍රමාණය සාමාන්‍ය මට්ටමෙන් පවත්වා ගන්න.

  • ඔබේ ලේ වල සිනි ප‍්‍රමාණයෙන් නිරතුරුම පරික්ෂා කරගන්න. නිතිපතා ව්‍යායාම් කිරීම ඔබේ ලේ වල සීනි ප‍්‍රමාණය පාලනය කිරීමටත්, තරබාරු බව අඩුකර ගැනීමටත් උත්සහ වන්න.

  • ශරීරය පාද සිරීම, තැලිම්, තුවාල නොකරගැනීම හා පාදවලට පාවහන් පාවිච්චිය.

  • ඔබේ ඇස් නිරතුරුවම පරික්ෂා කරගන්න.

  • දිනපතා ඔබේ දෙපා වල තුවාල ඇත්දැයි පරීක්ෂා කරගන්න

  • මානසික පීඩනය පාලනය කර සිත සැහැල්ලුවෙන් තබා ගැනීමට පුරුදු වන්න.

  • කෙදි සහිත සංකීර්ණ පිෂ්ට ගණයේ ආහාර ගැනීමට පුරුදුවන්න.

දියවැඩියා රෝගය පාලනයට ත‍්‍රිවිධ ශකෂා

  • මානසික සුවය ව්‍යායාම් ආහාර

  • භාවනා කිරිම

  • ධර්මෙහි හැසිරිම

  • සමාජ සහජීවනය

  • මෛහ්ත්‍රි කිරිම

  • සිනහමුසු මුහුණින් සිටීම

  • වෛරය, ක්‍රෝධය අත් හැරීම,

  • මානසික පීඩනය අඩුවන අයුරින් වැඩ කිරිම

  • ඉවසීම පුරුදු පුහුණු කිරීම

  • කල්වේලා ඇතිව තම රාජකාරිය ඉටු කිරීම

  • ධර්මය ඇසීම

  • සහජීවන

  • සාමූහිකත්වය හා සතුට බෙදා ගැනීම්

  • තමා මෙන්ම අන් අය ගැන සිතිම

  • නම්‍යශීලීව හා කාරුණික බව

  • අලංකාර ලෙස ගෙවත්තක් නිර්මාණය කිරීම

  • මල් වගාව

  • සුරතල් මසුන් හා සුරතල්ස තුන් ඇති කිරීම

  • දරුවන් සුරතල් කිරීම

  • පවුලේ සාමාජිකයන් සමඟ සුහදව සාකච්ඡු  කිරීම හා සහජීවනය

  • පැය පහක් හෝ හයක් හොද නිසංසල පරිසරයක නිදාගැනීම

  • උදැසන හතර පහ අතර අවදිවීම.

  • දිවා කාලයේ නිදා නොගැනීම

ව්‍යායාම්

ව්‍යායාම් ගැන විශේෂ වශයෙන් සිතට ගත යුතු නැතත ් තමාට අයිති දෛනික වැඩ කටයුතු හා රාජකාරි අවස්ථා නිසි පරිදි ඉටු කිරීමෙන්නේ හොඳ ව්‍යායාමයක් ලැබේ.

  • විනාඩි 10 පඩිපෙල නැගීම සහ බැසීම
  •  විනාඩි විස්සක් නිවස පිරිසිදු කිරීම හා ආහාර පිසිම
  •  විනාඩි විස්සක් නැටුම් වල යෙදීම
  •  ඇවිදීම  ඉතාම යහපත් ස්නායු ව්‍යායාම්ය නම් ඇවිදීමයි. එක සැතපුමක් විනාඩි 12ක් ඇවිදිය යුතුය. දිනකට පැය භාගයක් ඇවිද්දහොත් එය ප‍්‍රමාණවත්ය. සතියකට දින තුන හතරක් ඇවිද්දහොත් එය ප‍්‍රමාණවත්‍ ය. ඇවිදිම ජීවිතයේ කොටසක් බවට පත් කරගතහොත් මැනවි. ඇවිදිම සඳහා යෑමට කාල වේලාවක් නොමැත. කාර්යාලවල ඇති විදුලි සෝපාන භාවිතා නොකොට පඩිපෙළ භාවිතාකරන්න. වෙළඳසැලේ තම අවශ්‍යතාවයන්ට යායුතු විට වාහන භාවිතා නොකර ඒ දුර ඇවිදගෙන යන්න බස් නැවතුම් දෙකක් තුනක් වැනි දුරක් පයින් ගමන් කරන්න.
  •  එක් වරකට වැඩි ව්‍යායාම් වල නොයෙදෙන්න. යම් ව්‍යායාමයක් කරන විට සාමාන්‍ය ලෙස කතාබහ කළ හැකිනම් ඒ ව්‍යායාම් සුදුසුයි.
  •  පිහිනීම, සාප්පු සවාරි වල යෙදිම, ගෙවතු වැඩ සුළු වශයෙන් ගෙවත්තක් සැකසීම, නිවස අලංකාර ලෙස සකස් කර ගැනීම, මකුණු දැල් කැඩිම, පිගන් කෝප්ප සෙදීම, නිවස අලංකාර කර ගැනිම වැනි කරුණු ව්‍යායාම යටතට ගත හැක.

ආහාර

  • අපි දෛනිකව ආහාර ගන්නා විට පහත සඳහන් කරුණු ගැන සැලකිරිමත් විම සිය ලෙඩ රෝග වලින් මිදිමට හේතු වේ.

  • ආමාශයේ 1/3 ක් ඝන ආහාර ද, ආමාශයෙන් 1/3ක් ජලය හා වෙනත් පාන වර්ගද  ඉතිරි 1/3හිස්ව තිබෙන අයුරින් ආහාර ගැනීම වැදගත්ය.

  • ආහාර මාත්‍රාව පිළිබඳ සැලකිලිමත් වන්න. අධිමාත‍්‍ර ශරීරය තරබාරු ඇතිකරයි.

  • හීන මාත්‍රාව ශරිරය දුර්වල කරයි. බඩගින්න ඇති විට පමණක් ආහාර ගන්න. ගත් ආහාරය දිරවීමට පෙර නැවත අහාරයක් නොගන්න.

  • නොගැලපෙන ආහාරයට ගැනීමෙන් වළකින්න

  • අසාත්මික ආහාර, දිරවීම අපහසු ආහාර ගැනිමෙන් වලකින්න

  • හොදින් පැසුණු, පිරිසිදු, රස, ගන්ධ, වර්ණ, පෙනුම වෙනස් නොවු ස්වභාවික පෙනුමක් සහිත ආහාර ලබා ගන්න.

  • ආහාර ගන්නා විට හොඳ ශික්ෂණයක් හොඳ පරිසරයක්, නිශ්ශබ්දතාවක් ඇතිව ප‍්‍රියමනාපව ලබාගන්න

  • අමතර ආහාරයක් ගනිද්දි පවා කුසගිනි වෙලාවට පමණක් ගන්න.

  • මැටි භාජන වල ආහාර පිස ගැනීමෙන් ශරීරයට විස අය ඇතුළු නොවේ.

දියවැඩියා රෝගීන් ගත යුතු ආහාර රටාව

 

දියවැඩියා රෝගින්ට නියම කරනු ලබන ආහාර වට්ටෝරුව වනාහ ි සාමාන්‍ය ශරීර සෞඛ්‍ය සඳහා
කාටත් ප‍්‍රයෝජනවත් වනු ලබන ආහාර වට්ටෝරුවක ි. වැඩියෙන්ම ඇත්තේ රස නොකැම
යුතුබවට කරන නිර් දේශයක් පමණි.ආහාරයට අමතරව දියවැඩියා රෝගයෙන් ව්‍යායාම කළ යුතුය. තරබාරු බව අඩුකල යුත ුය.

  • තෙල ් අඩු ආහාර ගත යුත ුය.
    දියවැඩියාව සඳහා අනුමත කරන පාලන ආහාර සැලැස්මේ මූලික අංග කිහිපයකි සීනි සහිත ආහාර නොගැනීම, පිෂ්ඨය සහ වැඩි කෙදි සහිත ආහාර නොගැනිම.
  • අඩු කැලරි හා අඩු ප‍්‍රමාණ වලින් යුත් ආහාර ගැනීම.
  • උදැසන 4 – 5 අවදිවී හොඳ පිරිසිදු මද උණුසුම් රණවරා හෝ ජලය විදුරුවක් බීම.
  • තම ශරිරය පිරිසිදු කොට ආගමික වගා වතාවත ්වල යෙදීම.
  • උදේ කොළ කැඳ වීදුරුවක් බීම
  • ආහාර රටා පිළිබඳව සතියේ දින 7 විවිධ වර්ගවල ආහාර හුවමාරු කරගත හැකිය.
  • කොළ කැඳ ලෙස කරපිංචා කැඳ, වැල් පෙනල කොල කැද, පොල්පලා කොළ කැඳ, මුකුණුවැන්න කොළ කැද, විවිධ මිශ‍්‍රණ කොළ කැද උදේ ආහාර ලෙස රතු හාල් බත්, මුං ඇට, ක ුරක්කන් රොටි, පිට්ටු, තලප, මෙනේරි, බඩ ඉරිගු, කඩල, තණබත්, කවුපි
  • උදේ ආහාරය සමග පොල් සම්බලක් සහ කොළ මැල්ලුමක් (මුකුණු වැන්න, කංකුං, කතුරු, මුරුංගා කොළ, රණවරා කොළ, තෙඹු කොල, කරපිංචා ආදි කොළ භාවිතා කල හැක.)
  • උළුහාල් සුදුළුෑණු, කුරුදු, කරපිංචා වැඩිපුර දමන ලද කිරි හොද්දක් හා ව්‍යංජනයක් බණ්ඩක්කා, කරවිල, වම්බටු, තලන බටු, වැටකොළු, පතෝල, බෝංචි, දඹල, අවර, මා ̈මිරිස් නෝකෝල්, ගෝවා, ලීක්ස්, මුං ඇට, සෝයා, පිපිඤ්ඤා, කෙසෙල් මුව, කොහිල අල, කොහිල දළු, නෙලුම් අල, පොළොස්, දඹල, මෑ, නිවිති,
    උදේට තේ බොන වෙලාවට
  • ඉරමුසු පානය, බෙලිමල් පානය,රණවරා පානය, ඉඟුරු කොත ්තමල්ලි පානය, වෙනිවැල්ගැට
    පානය වැනි පාන ව3⁄4ග භාවිතා කළ හැක.
    දිවා ආහාරය 
  • රතු කැකුළු හාල් බත් කොළ පාට කෙඳි සහිත එළවළු, කොළ මැල්ලුමක් සලාදයක්, මාළුව ගත හැක.
  • පලතුරු ලෙස පේර, දොඩම්, නෙල්ලි, දෙළුම් කෙසෙල්ගෙඩි එකක්, පැපොල්, අනෝදා, කුඩාඅඹ තීරුවක්, අන්නාසි කෑල්ලක්, අලිගැටපේර භාගයක්, මාදං, බෙලි, ඉදුණු ඇඹරැල්ලා ඇපල් වැනි භාවිතා කළ හැක.
  • සවසට තේ බොන වෙලාවට කුරක්කන් රොටී, කුරක්කන් ක්‍රකර් එකක් වැනි සැහැල්ලු ආහාරයක් සමග ඉහත දැක්වෙන ඖෂධිය පාන වර්ග භාවිතා කළ හැක.
  • සතියකට වරක් දෙවරක් පහත සඳහන් ආහාර සුළු ප‍්‍රමාණව වලින් ගත හැක.

කැරට්, රතු අල, වට්ටක්කා, පරිප්පු, කිරි අල, මඤ්ඤොක්කා,අර්තාපල් වැනි ආහාර

දියවැඩියාවට සුදුසු දේශීය ඖෂධිය ශාකමය ආහාර

මැල්ලුම් වර්ග
කෝවක්කා කොළ, තෙළබු කොළ මැල්ලුම, වට්ටක්කා කොළ, කරවිල දළු සලාද, වල් කොත්තමල්ලි කොළ සලාද, රණවරා කොළ මැල්ලුම, කොප්ප කොළ මැල්ලුම, ඇඹරැල්ලා දළු සලාද, ලා කොස් දලු මැල්ලුම, කරපිංචා කොළ මැල්ලුම, කුප්පමේනියා කොළ මැල්ලුම,එළබටු කොළ මැල්ලුම, තැම්බේරියා කොල මැල්ලුම, කතුරු මුරුංගා කොල මැල්ලුම, සාරන කොල
මල්ලුම


ඖෂධිය ව්‍යාංජන වර්ග,
මුං ඇට ව්‍යාංජනය, අක්කපාන කොල, අට්ටික්කා ගෙඩි, කෙසෙල් බඩ ව්‍යාංජනය, කරවිල, තිත්ත තිබ්බටු, කෝමාරිකා, කෝමාරිකා, සුදුළුෑණු, ́බඩ ව්‍යාංජනය

ධාන්‍ය වර්ග
හිනටි හාල්, ‍රතු කැකුලු හාල්, කුරක්කන්, බඩ ඉරිගු, උඳු, බාර්ලි

ඖෂධීය පාන වර්හ
නිදිකුම්බා තැම්බු වතුර බීම, රණවරා, බැබිල මල්, ඉරමුසු, බෙලිමල්, කොත්තමල්ලි, පොල්පලා වෙනිවැල්ගැට, නෙල්ලි, රසකිද, දියවැඩියා රෝගින්ට නිතර ආරක්‍ෂාව සපපයන ඖෂධිය පැලැටිඅරළු, බුළු, නෙල්ලි, රසකිද, කුබුක්, බැබිල, බිංකොහොඹ, වෙනිවැල්, දේවදාර, සුදුහදුන්, ඉගිනි කහ, මදං, කෝවක්කා, කොතල හිඹුටු, වැල්මදට, ලොත්සුඹුලු.

FAQ

A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.

A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.

A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.

A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.

A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.
A detailed answer to provide information about your business, build trust with potential clients, and help convince the visitor that you are a good fit for them.